යුක්‍රේනයට අමෙරිකාවෙන් තවත් යුද ආධාර

යුක්‍රේනයට අමෙරිකාවෙන් තවත් යුද ආධාර

යුක්‍රේනය සඳහා ඩොලර් බිලියනයක යුද ආධාර ලබාදෙන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, Antony Blinken හදිසියේම යුක්‍රේනයේ කීව් අගනුවර වෙත පැමිණි අවස්ථාවෙදීයි.

එහිදී ඔහු යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky, අගමැති Denys Shmyhal සහ විදේශ අමාත්‍ය Dmytro Kuleba හමු වී සාකච්ඡා කර තිබෙනවා.

අමෙරිකාව යුක්‍රේනයට ලබාදෙන අමෙරිකානු ඩොලර් බිලියනයක නව ආධාර පැකේජයෙන් ඩොලර් මිලියන 175ක් වෙන්වන්නේ යුද ආයුධවලට බව සඳහන්.

මෙම නව පැකේජයන් සමග යුද්ධය ආරම්භවූ දා සිට අමෙරිකාව යුක්‍රේනයට ලබාදුන් සම්පූර්ණ ආරක්ෂක ආධාරවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 43.2 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට අමතරව බයිඩ්න් පරිපාලනය විසින් යුක්‍රේනයට ඩොලර් බිලියන 2.9ක මානුෂීය ආධාර ලබාදීමට පියවර ගත් අතර ලෝක බැංකුවෙන් යුක්‍රේනයට ඩොලර් බිලියන 20.5ක ආධාර ලබාගැනීමට ද සහය වුණා.

අමෙරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken යුක්‍රේනයේ දෙදින සංචාරයක නිරත වන අතර රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව ඔහු එරට සංචාරයක නිරත වන සිව්වන අවස්ථාව ද මෙය වනවා.

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken අතර පැවති හමුවෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.

Share This