නයිජර්හි පවතින අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව පුටින් අවධාරණය කරයි

නයිජර්හි පවතින අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව පුටින් අවධාරණය කරයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ මාලි හි අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන Assimi Goïta පසුගිය ජූලි මාසයේදී නයිජර්හි නෙරපා හරින ලද ජනාධිපති මොහොමඩ් බාසූම් වෙනුවෙන් දේශපාලන විසඳුමක් ඉල්ලා තිබෙනවා

නයිජර් අර්බුදය දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික ක්‍රම මගින් විසඳිය යුතු බවයි දුරකථන ඇමතුමකදී නායකයන් දෙදෙනා සඳහන් කර ඇත්තේ

ක්‍රෙම්ලිනය මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇති බවද පැවසෙනවා

ත්‍රස්ත විරෝධී මෙහෙයුම් පිළිබඳ සාකච්ඡා ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ද රුසියානු ජනාධිපතිවරයා සහ මාලි හි අන්තර්වාර ජනාධිපතිවරයා සාකච්ඡා කළ බවද එම නිවේදනයේ දැක්වෙනවා

නයිජර්හි සාමකාමී විසඳුමක අවශ්‍යතාවය රුසියානු නායකයා අගෝස්තු මාසයේදී ද අවධාරණය කර තිබුණ බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

Share This