G20 සමුළුවට පැමිණි බයිඩන් සහ ඉන්දීය අගමැති අතර සාකච්ඡා

G20 සමුළුවට පැමිණි බයිඩන් සහ ඉන්දීය අගමැති අතර සාකච්ඡා

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් දිල්ලියේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග මානව හිමිකම් සහ නිදහස් මාධ්‍යකරණයේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළ බව ප්‍රකාශ කර තිබෙනවා

ජෝ බයිඩන් G20 සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දීය අගනුවරට පැමිණ සිටි අතර එහිදී ඉන්දීය අගමැතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා

අමෙරිකානු ජනාධිපතිවරයා වියට්නාමයට යාම සඳහා සමුළුව අවසන් වීමට පෙර ඉන්දියාවෙන් පිටත්ව ගිය බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ

G20 සමුළුවට සහභාගි වීම සඳහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගිය සිකුරාදා (08) ඉන්දියාවට පැමිණි අතර පැමිණීමෙන් පසු ඔහු සහ නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූණා

ඉන් අනතුරුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ නිල නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වා තිබෙනවා .

මෙම හමුවෙන් අනතුරුව නිකුත් කළ ඉන්දීය නිවේදනයේ දැක්වෙන්නේ නායකයින් දෙපළ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සහයෝගීතාවයෙන් කටයුතු කරන බවට ප්‍රතිඥා දුන් බවයි

Share This