ලබන වසරේ G20 සමුළුවට සත්කාරකත්වය බ්‍රසීලයෙන්

ලබන වසරේ G20 සමුළුවට සත්කාරකත්වය බ්‍රසීලයෙන්

ලබන වසරේ G20 සමුළුවට සත්කාරකත්වය සැපයීම බ්‍රසීලයට විශාල වගකීමක් බව ජනාධිපති Luiz Inacio Lula da Silva සඳහන් කරනවා

එමෙන්ම බ්‍රසීල ජනාධිපතිවරයා ඉන්දියාවේ පැවැත්වූ G20 සමුළුවට ප්‍රශංසා කර ඇති බවද පැවසෙනවා

බ්‍රසීලයේ ජනාධිපති Luiz Inacio Lula da Silva වැඩිදුරටත් පවසා තිබෙන්නේ සිය සභාපතිත්වය යටතේ පැවැත්වෙන G20 සමුළුවේදී අසමානතාවය මූලික ප්‍රශ්නය ලෙස සාකච්ඡා කිරීමට සූදානම් බවත්ය

ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, අධ්‍යාපනය, සෞඛ්‍යය, දරිද්‍රතාවය සහ කුසගින්න යන අසමානතාවය ගැන සාකච්ඡා කළ යුතු බවත් ලෝකයට සමතුලිතතාවය අවශ්‍ය බවත් ඉන්දියාවේ දෙදින G20 සමුළුව අවසන් වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවක් අමතමින් බ්‍රසීල ජනාධිපතිවරයා සඳහන් කරනවා

බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත G20 තරඟාවලියේ මීළඟ වටය පිළිබඳව අදහස් දක්වමින් බ්‍රසීල ජනාධිපතිවරයා “ඉන්දියාවේ සමුළුව සුවිශේෂී ලෙස සංවිධානය කිරීම ගැන මම සුබ පතන්න කැමතියි. ලබන වසරේ G20 තරගාවලියේ සත්කාරක රට වීමට බ්‍රසීලයට කොන්දේසි තිබෙන බවත් සමුළුවක් සංවිධානය කිරීමට බ්‍රසීලයේ බොහෝ නගර භාවිතා කිරීමට අවශ්‍ය විය හැකි බවත් “සඳහන් කර සිටිනවා

එමෙන්ම මාධ්‍ය හමුවකට එක්වෙමින් බ‍්‍රසීල ජනාධිපතිවරයා කියා සිටියේ රුසියානු ජනාධිපති ව්ලැඩමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් සමුළුවට සහභාගී නොවීමට හේතුව තමන් නොදන්නා බවයි.

නමුත් බ‍්‍රසීල ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කරන බවත් ඔවුන් බ්‍රසීලයට පැමිණ සමුළුවට සහභාගී වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් සඳහන් කරනවා

බ්‍රසීලය සිය G20 සභාපතිත්වය යටතේ බලශක්ති සංක්‍රාන්තිය පිළිබඳවද සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

 

Share This