පාකිස්ථාන කණ්ඩායමට ලකුණු 357ක ඉලක්කයක්

පාකිස්ථාන කණ්ඩායමට ලකුණු 357ක ඉලක්කයක්

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 02 ක් දැවී ලකුණු 356ක් ලබා ගත්තා.

ඒ අනුව පාකිස්ථාන කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 357ක්.

කාසියේ වාසිය දිනු පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අදාළ තරගය පැවති අතර අධික වර්ෂාපතනය හේතුවෙන් විනිසුරුවන් තීරණය කළේ ඊයේ (10) දිනයට තරගය නතර කිරීමටයි.

ඒ අනුව මේ වන විට ක්‍රීඩා කරන පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 10යි එක් පන්දුවක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 43ක් ලබා සිටිනවා

මේ අතර, ආසියානු කුසලානයේ සියලු තරගවල තොරතුරු සිත FM හරහා සජීව සවන්දීමේ හැකියාව පවතිනවා

ඒ අනුව තරගාවලියේ තොරතුරු පන්දුවෙන් පන්දුවට දැනගැනීම සඳහා 88.6න් හෝ 88.8න් සිත ත්‍ප නාලිකාවට සවන්දිය හැකි අතර sithafm.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ද සවන්දිය හැකියි

Share This