එක්සත් ජනපද ගවේෂකයෙක්ව තුර්කියේ ගැඹුරුම ගුහාවකින් මුදවා ගනී (VIDEO)

එක්සත් ජනපද ගවේෂකයෙක්ව තුර්කියේ ගැඹුරුම ගුහාවකින් මුදවා ගනී (VIDEO)

සතියකට වැඩි කාලයක් තුර්කියේ ගැඹුරුම ගුහාවක සිරවී සිටි එක්සත් ජනපද පුරවැසියෙකු මේ වනවිට බේරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

සැප්තැම්බර් 2 වන දින මෝර්කා ගුහාව තුළදී මාර්ක් ඩිකීට ආමාශයේ ගැටළු ඇතිවීමෙන් පසු 200කට ආසන්න පිරිසක් විසින් ගුහාවේ සිරවී සිටි ඔහුව බේරා ගැනීමට උත්සාහ කර තිබෙනවා

සංවිධායකයින් පවසන්නේ එය මෙතෙක් සවිකර ඇති විශාලතම සහ වඩාත් සංකීර්ණ භූගත ගලවාගැනීම් වලින් එකක් බවයි.

අඩි 3,600ක් පොළොව යට සිරවී සිටි 40 හැවිරිදි ගවේෂකවරයාව බේරා ගැනීම සඳහා ගලවාගැනීමේ කණ්ඩායම්, සෙසු ගවේෂකයින් සහ වෛද්‍යවරුන් 200 දෙනෙකුගෙන් යුත් ජාත්‍යන්තර කණ්ඩායමක් එක්ව තිබෙනවා

ක්‍රොඒෂියාව සහ හංගේරියාව ඇතුළු තවත් රටවල් කිහිපයක ගලවා ගැනීමේ සේවකයින් පිරිසක් ගලවා ගැනීමේ කටයුතු සඳහා සහාය වීමට තුර්කියට පැමිණ ඇති බවද සඳහන්

මාර්ක් ඩිකීගේ පෙම්වතිය වන ජෙසිකා වැන් ඕර්ඩ් ද අසනීපව සිටියදී ඇය ඔහු සමග ගුහාවේ රැඳී සිට ඇති නමුත් පසුව ගොඩට ගෙන තිබෙනවා

ඔහු වසර 10ක් තිස්සේ එක්සත් ජනපද ජාතික ගුහා ගලවා ගැනීමේ කොමිසමේ උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති අතර හංගේරියානු ගුහා ගලවා ගැනීමේ සේවයට අනුව ඔහු අගෝස්තු අග සිට මෝර්කා ගුහාව වෙත ගවේෂණ කටයුතු සඳහා සම නායකත්වය ලබා දී ඇති බවයි පැවසෙන්නේ

Share This