ගුවන් ප්‍රහාර නිසා යුක්‍රේනයේ සහ රුසියාවේ වරායවලට හානි

ගුවන් ප්‍රහාර නිසා යුක්‍රේනයේ සහ රුසියාවේ වරායවලට හානි

යුක්‍රේනය සහ රුසියාව යන රටවල් දෙකම වරායවලට රාත්‍රීයේදී ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවට වාර්තා වනවා

යුක්‍රේනය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් ක්‍රිමියාවේ සෙවාස්ටොපෝල් හි විශාල ගින්නක් ඇතිව තිබෙනවා

ඉන් 24 දෙනෙකුට තුවාල සිදු වූ බවයි රුසියානු ආණ්ඩුකාර මිහායිල් රස්වෝෂායෙව් පවසන්නේ .

රුසියානු ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ රුසියාවේ කළු මුහුදේ බලඇණිය පිහිටි වරාය නගරයේ නැව් තටාකයකට මෙම ප්‍රහාරය එල්ල වූ බවයි

එමෙන්ම රුසියානු ඩ්‍රෝන යානා ඩැනියුබ් ගඟේ පිහිටි යුක්‍රේන ධාන්‍ය වරාය වන ඉස්මයිල් වෙත ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Odesa කලාපයේ ආණ්ඩුකාර Oleh Kiper පැවසුවේ ගින්නක් ඇති වූ අතර ඉන් යටිතල පහසුකම් වලට හානි සිදු වූ බවයි

ප්‍රහාරයෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවද පැවසෙනවා

Share This