ලිබියාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 6,000 ඉක්මවයි – වීථිවල සිරුරු ගොඩ ගැසෙයි (VIDEO)

ලිබියාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 6,000 ඉක්මවයි – වීථිවල සිරුරු ගොඩ ගැසෙයි (VIDEO)

ලිබියාවේ ඇතිවූ ධාරානිපාත වර්ෂාවත් සමග වේලි දෙකක් කඩා වැටීමෙන් පසු පවතින ගංවතුර තත්ත්වය මත ඩර්නා නගරයට දැඩි හානි සිදුවූ අතර ඉන් මිය ගිය ගණන මේ වනවිට 6,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා

නිවාස රැසක් මුහුදට ගසාගෙන ගොස් ඇති අතර ඩර්නාහි වීථිවල සිරුරු ගොඩ ගැසී ඇති බවයි වාර්තා වන්නේ

රෝහල්වල මෘත ශරීරාගාර පිරී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ලිබියාවේදී මියගිය ඊජිප්තුවේ 87 දෙනෙකු රජය විසින් භූමදාන කරන ලද බව එරට ආගමන විගමන අමාත්‍යාංශය සඳහන් කරනවා

100,000 කට අධික ජනතාවක් වාසය කළ ඩර්නා නගරයේ තවත් 10,000 ක් පමණ අතුරුදන් වී ඇති බවද සඳහන්

ලිබියාවේ එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) ප්‍රකාශ කරන්නේ ඩර්නා හි ගංවතුරෙන් 30,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි.

කලාපයේ යටිතල පහසුකම්වලට සිදු වූ සැලකිය යුතු හානිය නිසා පීඩාවට පත් වූ සමහර ප්‍රදේශවලට මානුෂීය කණ්ඩායම්වලට ප්‍රවේශ විමටද අසිරූ බවයි පැවසෙන්නේ

ඩැනියෙල් කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු සුන්බුන් අතරින් දිවි ගලවා ගත් අය සොයා ගැනීමට අසීරු වී ඇති බවද සඳහන්

Share This