රුසියාවේ නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට යුක්‍රේනයෙන් ප්‍රහාර

රුසියාවේ නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට යුක්‍රේනයෙන් ප්‍රහාර

යුක්‍රේනය ක්‍රිමියාවේ රුසියානු නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට ප්‍රහාරයක් දියත් කර තිබෙනවා

ඉන් රුසියානු යුද නැව් දෙකකට හානි සිදුවී ඇති බවයි පැවසෙන්නේ

යුක්‍රේන සන්නද්ධ හමුදා කෲස් මිසයිල 10 ක් සහ මිනිසුන් රහිත බෝට්ටු 3 කින් රුසියාව සිය කළු මුහුදේ බලඇණියේ අලුත්වැඩියා කඳවුරක් ලෙස භාවිතා කරන Sevastopol හි Sergo Ordzhonikidze නැව් අංගනයට ප්‍රහාර එල්ල කළ බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරනවා

එමෙන්ම ගුවන් ආරක්ෂක හමුදා මිසයිල හතක් බිම හෙළූ බවත්, මුර සංචාර නෞකාව වන Vasily Bykov විනාශ කළ බවත් රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා

ප්‍රහාරයෙන් රුසියානු යුද නෞකා දෙකකට හානි වී 24 දෙනෙකු තුවාල ලබා ඇති බවද රුසියානු බලධාරීහු තහවුරු කර තිබෙනවා

 

Share This