ලිබියානු ප්‍රතිවාදීන් ගංවතුරින් විපතට පත් වූවන්ට සහන සැලසීමට ජාත්‍යන්තර ආධාර ඉල්ලයි

ලිබියානු ප්‍රතිවාදීන් ගංවතුරින් විපතට පත් වූවන්ට සහන සැලසීමට ජාත්‍යන්තර ආධාර ඉල්ලයි

ලිබියාවේ ප්‍රතිවාදී ආණ්ඩු දෙක ගංවතුරින් විපතට පත් වූවන් සඳහා සහන සැලසීමේ කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා

නැගෙනහිර ඩර්නා නගරයට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් වේලි දෙකක් පුපුරා යාම නිසා පුද්ගලයන් 5,300 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

අවම වශයෙන් පුද්ගලයින් 10,000 ක් අතුරුදහන් වී ඇති අතර තවත් දහස් ගණනක් අවතැන් වී තිබෙනවා

එක්සත් ජාතීන්ගේ නිලධාරියෙකු පැවසුවේ නැගෙනහිර සහ බටහිර රජයන් දෙකම ජාත්‍යන්තර ආධාර ඉල්ලා ඇති අතර එකිනෙකා සමග සම්බන්ධ වෙමින් කටයුතු කරන බවයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk අවධාරණය කරන්නේ ගංවතුරෙන් පසු සියලු දේශපාලන කණ්ඩායම්වලට එකට වැඩ කිරීමට සිදුව ඇති බවත් මෙය එකමුතුකම සඳහා කාලය බවත්ය

මේ අතර ජාත්‍යන්තර රතු කුරුස සහ රතු ක්‍රෙසන්ට් සමිතිවල සභාපතිගේ ප්‍රකාශක ටොමසෝ ඩෙලා ලෝන්ගා පවසා ඇත්තේ දිවි ගලවා ගත් අය සොයා ගැනීමට කාලය අවසන් වෙමින් පවතින බවයි.

Share This