යුධ වාතාවරණයෙන් යුක්‍රේනයේ අවදානමට ලක්ව ඇති ඓතිහාසික ස්ථාන ගැන යුනෙස්කෝවේ අවධානය

යුධ වාතාවරණයෙන් යුක්‍රේනයේ අවදානමට ලක්ව ඇති ඓතිහාසික ස්ථාන ගැන යුනෙස්කෝවේ අවධානය

රුසියාව සමග පවතින යුද්ධමය තත්ත්වය හේතුවෙන් යුක්‍රේනයේ නගර දෙකක ප්‍රධාන ඓතිහාසික ස්ථාන විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බව යුනෙස්කෝ සංවිධානය පවසනවා.

Kyiv හි පිහිටි මධ්‍යයතන යුගයට අයත් ශාන්ත සොෆියා ආසන දෙව්මැදුර සහ Kyiv-Pechersk Lavra විශේෂිත ආරාම භූමියමෙන්ම යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කර ඇති බටහිර Lviv නගරයේ ඓතිහාසික මධ්‍යස්ථානයක්ද එම ඓතිහාසික ස්ථාන යටතට අයත් වන බව සඳහන්.

මීට අමතරව යුක්‍රේනයේ විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති ලැයිස්තුවට ඔඩේසා වරාය නගරය ද යුනෙස්කෝ ලෝක උරුම කමිටුව විසින් ඇතුලත් කර තිබෙනවා.

යුක්‍රේනයට කළු මුහුද හරහා ලොව පුරා රටවලට ධාන්‍ය අපනයනය කිරීමට ඉඩ ලබාදුන් ගිවිසුම බිඳ වැටීමෙන් පසු මෑත කාලයේදී ඔඩේසා නගරය රුසියාවේ බෝම්බ ප්‍රහාරයකට පසුගියදා ලක්ව තිබුණා.

Share This