ඉතාලියේ ”වැනීසිය” අවදානම් නගර ලැයිස්තුවෙන් ඉවතට

ඉතාලියේ ”වැනීසිය” අවදානම් නගර ලැයිස්තුවෙන් ඉවතට

ඉතාලියේ සංස්කෘතික අමාත්‍යාංශයට අනුව සෞදි අරාබියේ පැවති එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ රැස්වීමකදී ඉතාලියේ ඓතිහාසික නගරයක් වන වැනීසිය සහ එහි කලපුව යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවේ අවදානමට ලක්වෙමින් පවතින නගර ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා.

යුනෙස්කෝ ලෝක උරුම කමිටුව ජූලි මාසයේදී අනතුරු අඟවා තිබුණේ ඉතාලිය අධික සංචාරක, සංවර්ධනය සහ දේශගුණික විපර්යාස තර්ජනයෙන් නගරයේ ඇති ඓතිහාසික උරුමයන්ගේ ආරක්ෂාවට බලපෑම් එල්ල වී ඇති බවයි.

ඒ නිසා වැනීසිය අවදානම් ලැයිස්තුවට ඇතුළත් කරන ලෙස නිර්දේශ කර තිබුණා.

කෙසේ වෙතත්, සංස්කෘතික අමාත්‍යාංශයට අනුව පැවති ඡන්දයෙන් එම නිර්දේශය සම්මත වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඉතාලි සංස්කෘතික අමාත්‍යාංශය සෞදි අරාබියේ යුනෙස්කෝ ඡන්දයේ ප්‍රතිඵලය පිළිගත් අතර, නගරය ලැයිස්තුවේ ලියාපදිංචි කිරීම “හුදු දේශපාලනික උත්සහයක් බවයි ” දැක්වෙන්නේ.

මෙම තීරණයෙන් පසුව ලෝක උරුම කමිටුව ඇත්තේ වැනීසිය තවමත් විශාල අභියෝගවලට මුහුණ දෙන අතර එය දිගටම ආරක්ෂා කරන ලෙස ඉතාලියෙන් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share This