14 දෙනෙකුට මරු කැඳවූ බ්‍රසීලයේ ගුවන් යානා අනතුර ගැන පරීක්ෂණයක්

14 දෙනෙකුට මරු කැඳවූ බ්‍රසීලයේ ගුවන් යානා අනතුර ගැන පරීක්ෂණයක්

බ්‍රසීලයේ ඇමසන් ප්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටීමෙන් 14 දෙනෙකු මිය ගිය අතර සිද්ධියට හේතුව සොයා පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා

අනතුර සිදුවන අවස්ථාවේ බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ අයහපත් කාලගුණයක් පැවති බව සඳහන්.

අනතුරින් යානයේ සිටි මගීන් 12 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය දෙදෙනෙකු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

Amazonas ප්‍රාන්ත ආරක්ෂක ලේකම් Vinicius Almeida පැවසුවේ, අධික වර්ෂාව අතරතුර බාසිලෝස් වෙත ගොඩ බැසීමේදී ගුවන් යානය කඩා වැටී ඇති බවයි.

Share This