දකුණු අප්‍රිකාවේ නාවික හමුදා අභ්‍යාසයකට සහභාගී වෙමින් සිටි තිදෙනෙක් මරුට

දකුණු අප්‍රිකාවේ නාවික හමුදා අභ්‍යාසයකට සහභාගී වෙමින් සිටි තිදෙනෙක් මරුට

දකුණු අප්‍රිකානු නාවික හමුදාවේ නාවිකයින් තිදෙනෙකු කේප් ටවුන් අසල සබ්මැරීනයක සිටියදී රළ පහරකට හසුව ගසාගෙන යාමෙන් මිය ගොස් ඇති අතර තවත් හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා

සැඩ රළ පහරින් කාර්යය මණ්ඩලයේ හත් දෙනෙකු මුහුදට ගසාගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

දකුණු අප්‍රිකානු ජාතික ආරක්ෂක බලකාය (SANDF) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිද්ධිය වන අවස්ථාවේ නාවිකයින් නාවික හමුදා අභ්‍යාසයකට සහභාගී වෙමින් සිටි බවයි.

පරීක්ෂණයක් ආරම්භ කළ බව එරට පොලිසිය සඳහන් කරන අතර අධික සුළං සහ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා

Share This