රුසියාව උතුරු කොරියාවට උදව් කිරීම සාමයට තර්ජනයක් – දකුණු කොරියානු ජනපති

රුසියාව උතුරු කොරියාවට උදව් කිරීම සාමයට තර්ජනයක් – දකුණු කොරියානු ජනපති

රුසියාව උතුරු කොරියාවට උදව් කිරීම සාමයට තර්ජනයක් වනු ඇති බව දකුණු කොරියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී තිබෙනවා

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පසුගිය සතියේ රුසියාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔහු සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුදා සහයෝගීතාව ඉහළ නැංවීමට පොරොන්දු වුණා

මේ පිළිබඳව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ප්‍රකාශ කර තිබෙන්නේ යුක්‍රේනයේ යුද්ධයට ආධාර කිරීම සඳහා රුසියාව උතුරු කොරියාවට ආයුධ වැඩසටහන් වැඩි දියුණු කිරීමට උදව් කරන්නේ නම්, එය සෘජු ප්‍රකෝප කිරීමක් වනු ඇති බවයි

එවැනි තත්ත්වයක් යුක්‍රේනයේ පමණක් නොව දකුණු කොරියාවේ ද සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් වනු ඇති බවයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ප්‍රකාශ කර තිබෙන්නේ

උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් දකුණු කොරියාවේ පැවැත්මට තර්ජනයක් පමණක් නොව ඉන්දු පැසිෆික් කලාපයේ සහ ලොව පුරා සාමයට බරපතල අභියෝගයක් බවද ඔහු පවසනවා

 

Share This