පාකිස්ථාන ජාතික මැතිවරණයට දින නියම වෙයි

පාකිස්ථාන ජාතික මැතිවරණයට දින නියම වෙයි

පාකිස්ථානයේ ජාතික මැතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ ජනවාරි අවසන් සතියේදී පාකිස්ථාන ජාතික මැතිවරණය පැවැත්වෙන බවයි එරට මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත්තේ.

මැතිවරණය ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් නව සංගණනයකට අනුව මැතිවරණ කොට්ඨාස අලුතින් ලකුණු කිරීම හේතුවෙන් සති කිහිපයකින් එය පැවැත්වීම ප්‍රමාද වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ වසර පහක නිල කාලය අගෝස්තු මාසයේදී සම්පූර්ණ කිරීමෙන් පසුවයි මෙලෙස පාකිස්ථාන ජාතික මැතිවරණය සඳහා මෙලෙස දින නියම කර ඇත්තේ.

මැතිවරණය අධීක්ෂණය කිරීම සඳහා භාරකාර ආණ්ඩුවක් ස්ථාපිත කර තිබෙනවා.

Share This