බටහිර ඕස්ට්‍රේලියාවේ පැවති ගෑස් වර්ජන අවසන් වෙයි

බටහිර ඕස්ට්‍රේලියාවේ පැවති ගෑස් වර්ජන අවසන් වෙයි

බටහිර ඕස්ට්‍රේලියාවේ Chevron Wheatstone සහ වෘත්තීය සමිති ගෑස් වර්ජන අවසන් කිරීමට එකඟ වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

මොවුන් ගෝලීය වෙළඳපොලට ද්‍රව ස්වභාවික වායුව (LNG) සපයන අතර එම කම්හල් දෙකක කම්කරුවන් සැප්තැම්බර් 7 වනදා සිට වැඩවර්ජනයක නිරතවුණා

යෝජිත ගිවිසුමක් කම්කරුවන් පිළිගත් බවත් පවතින වැඩවර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවන බවත් වෘත්තීය සමිති ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා

වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධයෙන් මෙම වැඩවර්ජන ආරම්භ කෙරුණා

බටහිර ඔස්ට්‍රේලියාවේ පිහිටි එක්සත් ජනපද තෙල් හා ගෑස් දැවැන්තයාගේ Gorgon සහ Wheatstone කම්හල් ගෝලීය LNG ධාරිතාවයෙන් 5%කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරනු ලබනවා

පසුගිය වසරේ මුල රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ලෝකයේ බලශක්ති වෙළඳපොලවල් පීඩනයට ලක්ව ඇති අතර තෙල් සහ ගෑස් මිල මෙන්ම නිවාස සහ ව්‍යාපාර සඳහා බලශක්ති බිල්පත් තියුණු ලෙස ඉහළ ගියා

Share This