ආනයනික කිරිපිටි බද්ද අද සිට ඉහළට

ආනයනික කිරිපිටි බද්ද අද සිට ඉහළට

ආනයනික කිරිපිටි බද්ද අද (22) සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ආනයනික කිරිපිටි සඳහා අය කෙරෙන වරාය හා ගුවන් තොටුපොළ බද්ද සියයට 10කින් ඉහළ දමා ඇති බවයි

දේශීය කිරි ගොවියා ආරක්ෂා කිරීමත්, රජයට ආදායමක් ලබා ගැනීමත් මෙම බද්ද අය කිරීමේ අරමුණ බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

කෙසේ වෙතත් ආනයනික කිරිපිටි බද්ද ඉහළ දැමීම හේතුවෙන් වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළයාමක් සිදු නොවන බව සඳහන්.

මීට අමතරව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් හා තවත් සති දෙකක් ඇතුළත තවත් රුපියල් 100කින් මිල අඩු කිරීමට පියවර ගන්නා බවයි

Share This