නයිජර් හමුදා ගුවන් අවකාශය ප්‍රංශ යානාවලට තහනම් කරයි

නයිජර් හමුදා ගුවන් අවකාශය ප්‍රංශ යානාවලට තහනම් කරයි

ප්‍රංශ ගුවන් යානා රටේ ගුවන් සීමාවට ඉහළින් පියාසර කිරීම තහනම් කිරීමට නයිජර් හමුදා පාලකයින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ අනුව නයිජර් ගුවන් අවකාශය ප්‍රංශ ගුවන් යානා හෝ එයාර් ප්‍රංශ ගුවන් සේවය ඇතුළු ප්‍රංශය විසින් කුලියට ගත් ගුවන් යානාවලට තහනම් වනවා.

කෙසේ වෙතත් අනෙකුත් සියලුම ජාතික සහ ජාත්‍යන්තර වාණිජ ගුවන් ගමන් සඳහා සිය ගුවන් අවකාශය විවෘත බවයි නයිජර් හමුදා පාලකයින් සඳහන් කර ඇත්තේ

Share This