එක්සත් ජනපදයේ තිර රචකයින්ගේ වැඩ වර්ජනය අවසන් කිරීමේ සූදානමක්

එක්සත් ජනපදයේ තිර රචකයින්ගේ වැඩ වර්ජනය අවසන් කිරීමේ සූදානමක්

මාස පහකට ආසන්න කාලයක් පැවති වැඩ වර්ජනයක් අවසන් කිරීමට චිත්‍රාගාර ප්‍රධානීන් සමග තාවකාලික ගිවිසුමකට එළඹ ඇති බව එක්සත් ජනපදයේ තිර රචකයින් පවසා තිබෙනවා

දශක ගණනාවකට පසු හොලිවුඩයට බලපෑ දීර්ඝතම වැඩ වර්ජනය මෙය වන අතර බොහෝ චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදන කටයුතු නතර කරනු ලැබුවා

නළුවන් ජූලි මැද සිට වැඩ වර්ජනයක නිරත වී ඇති අතර 160,000 පමණ පිරිසක් වැඩ වර්ජනය නියෝජනය කරනු ලැබුවා

අමෙරිකාවේ ලේඛක සංසදය සහ වෘත්තීය සමිති සාමාජිකයින් ඔවුන් නැවත සේවයට යාමට පෙර Alliance of Motion Picture සහ Television Producers සමග තෙවසරක ගිවිසුමකටද එකඟ විය යුතු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This