චීන රජයට අයත් ගල් අඟුරු ආකරයක අනතුරකින් 16 දෙනෙකු මරුට

චීන රජයට අයත් ගල් අඟුරු ආකරයක අනතුරකින් 16 දෙනෙකු මරුට

දකුණු චීනයේ Guizhou පළාතේ Panzhou නගරයේ චීන රජයට අයත් ගල් අඟුරු ආකරයක සිදු වූ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා

මේ හේතුවෙන් Panzhou නගරයේ සියලුම ගල් අඟුරු පතල්වල නිෂ්පාදන කටයුතු දිනකට අත්හිටුවා ඇති බව සඳහන්

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මෙම ප්‍රදේශයේ වසරකට මෙට්‍රික් ටොන් මිලියන 52.5 ක පමණ නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන බවයි

Panjiang Coal ලෙස හැඳින්වෙන චීන රජය සතු සමාගම විසින් එහි සියලුම පතල්වල ආරක්ෂිත පරීක්ෂණ සඳහා නියෝග කර තිබෙනවා

එමෙන්ම අනතුරු අවම කර ගැනීම වෙනුවෙන් කුඩා පතල් සඳහා සීමා කිරීම් සහ භූගත ස්වයංක්‍රීයකරණය භාවිතය වේගවත් කිරීම ඇතුළුව, ක්ෂේත්‍රයේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා පියවරයන් රැසක් ද බලධාරීන් විසින් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ

Share This