ඉරාකයේ මංගල උත්සවයක ගින්නකින් 100 දෙනෙකු මරුට – මනාලයා සහ මනාලියත් ඒ අතර

ඉරාකයේ මංගල උත්සවයක ගින්නකින් 100 දෙනෙකු මරුට – මනාලයා සහ මනාලියත් ඒ අතර

උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මියගිය අය අතර එම විවාහ උත්සවයේ මනාලයා සහ මනාලිය ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් ගිනිකෙළි දැල්වීමෙන් අනතුරුව ගින්න හටගෙන ඇති බවට සැක පළ කෙරෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ භටයින් කටයුතු කර ඇති අතර අඩු වියදම් ගොඩනැගිලි ද්‍රව්‍ය යොදා ගනිමින් එම විවාහ මංගල උත්සව ශාලාව සකස් කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

එය ගින්න ඉක්මනින් ව්‍යාප්ත වීම සඳහා හේතු වී ඇති බවට එරට බලධාරීන් සැක පළ කරනවා.

Share This