තායිවානය දේශීයව නිපදවූ පළමු සබ්මැරීනය එළිදක්වයි

තායිවානය දේශීයව නිපදවූ පළමු සබ්මැරීනය එළිදක්වයි

තායිවානය දේශීයව සාදන ලද ප්‍රථම සබ්මැරීනය එළිදක්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ජනාධිපති Tsai Ing-wen ගේ ප්‍රධානත්වයෙන් දකුණු Kaohsiung නගරයේ සබ්මැරීන නැව් තටාකයේ උත්සවයකදී මෙය එළිදක්වා තිබෙනවා

මෙම සබ්මැරීනය “Narwhal” ලෙසයි හඳුන්වා ඇත්තේ

සබ්මැරීනය අපේ රට ආරක්ෂා කිරීම සඳහා වැදගත් වන බවත් යුධ උපාය මාර්ග සංවර්ධනය කිරීමේදී අපගේ නාවික හමුදාවන්ට ද වැදගත් උපකරණයක් වනු ඇති බවත් තායිවාන ජනාධිපති Tsai Ing-wen පවසනවා.

අතීතයේ බොහෝ අය සිතුවේ දේශීය සබ්මැරීනයක් සෑදීම තායිවානයට කළ නොහැකි කාර්යයක් බවයි. නමුත් අපි ඒක හදාගෙන තියෙනවා,” යනුවෙන් Tsai Ing-wen ජනාධිපතිවරිය වැඩිදුරටත් සඳහන් කරනවා

තායිවානයේ සිටින වොෂින්ටනයේ තානාපති මෙන්ම තායිපේ හි ජපන් සහ දකුණු කොරියානු දූත මණ්ඩල නියෝජිතයින් ද සහභාගී වූ මෙම උත්සවයේදී නෞකාවේ ප්‍රමාණය හෝ වෙනත් තොරතුරු පිළිබඳවද අනාවරණය කර නැහැ

තායිවානය මීට පෙර පවසා ඇත්තේ ස්වදේශික සබ්මැරීන අටක් සෑදීමට සැළසුම් කර ඇති බවයි.

Share This