නිදහස ලබා එළියට ආ ධනුෂ්ක කියූ දේ

නිදහස ලබා එළියට ආ ධනුෂ්ක කියූ දේ

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු අධිකරණය මගින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

ඒ අනුව සිඩ්නි හි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවි සංකීර්ණයෙන් පිටතට පැමිණි ධනුෂ්ක ගුණතිලක මුල්වරට මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

“මට තවත් ප්‍රකාශ කරන්න වැඩි දෙයක් නැහැ. මම හිතනවා විනිසුරුවරිගේ තීන්දුවෙන් සියලු දේ කියවුණා කියලා. මගේ මේ දුෂ්කර කාලයේදී සහයෝගය දැක්වූ සියලුදෙනාට මේ අවස්ථාවේ ස්තූති කරන්න කැමතියි. පසුගිය මාස 11ක පමණ කාලය මට අතිශයින්ම දුෂ්කර කාලයක් වුණා. විශේෂයෙන් මගේ නීතිඥයින්ට. නීතිඥ මුරුගන් තංගරාජ් අද මෙහි පැමිණ නැතත් ඔහු සහ අනෙකුත් නීතිඥයින්ට බොහොම ස්තූතියි. මගේ කළමනාකරු, එලීන් සහ මගේ දෙමාපියන්, ලංකාවේ තවත් කිහිපදෙනෙක් මාව විශ්වාස කළා. එය මට ලොකු ධෛර්යයක් වුණා. අවසානයේ විනිසුරුවරිය නිවැරදි තීරණයකට පැමිණියා. මම කලින් ප්‍රකාශ කළ පරිදි ඒ තීන්දුවෙන් සියල්ල කියවෙනවා. මගේ ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම ඇත්තෙන්ම සතුටුයි. නැවතත් ආපසු ගොස් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන තුරු මම ඉන්නේ නොඉවසිල්ලෙන්”

 

 

 

 

 

 

Share This