බටහිර රටවල් කෝපයට පත් කරන UN සහ රුසියා හවුල

බටහිර රටවල් කෝපයට පත් කරන UN සහ රුසියා හවුල

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අත්හිටුවා මාස 18 කට ආසන්න කාලයකට පසු ඊට නැවත සම්බන්ධ වීමට උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2024-2026 වාරය සඳහා කවුන්සිලයේ සාමාජිකයින් තෝරා පත් කර ගැනීම සඳහා අපේක්ෂකයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ වෙබ් අඩවියේ රුසියාව ලැයිස්තුගත කර ඇති අතර ඒ සඳහා වන ඡන්දය ඔක්තෝබර් 10 වන දින පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

රුසියාවට නැවතත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය ලබාදීමට කටයුතු කිරීම බටහිර රටවල් කෝපයට පත් කර තිබෙනවා.

ප්‍රමුඛ NATO රාජ්‍යක් වන යුක්‍රේනය ආක්‍රමණය කිරීම නීතිවිරෝධී වන අතර රුසියාවට ඇති ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකත්වය අත්හිටවිය යුතු බවයි බටහිර රටවල් තරයේ සඳහන් කරන්නේ.

යුක්‍රේනයේ යුද්ධය අතරතුර රුසියාවට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ අතර යුක්‍රේන දරුවන් රුසියාවට පිටුවහල් කළ බවට ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්ද නිකුත් කර තිබෙනවා.

රුසියාව නැවතත් මානව හිමිකම් කවුන්සිලයට තේරී පත් වුවහොත් එහි ඇති සහයෝගීතාවයේ මූලධර්ම සහ අන්‍යෝන්‍ය ගෞරවනීය සංවාදය ශක්තිමත් කිරීමේ මූලධර්ම දැඩි ලෙස ප්‍රවර්ධනය කරන බවට සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් බටහිර රටවල් දැනටමත් එම ප්‍රයත්නයට එරෙහි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This