සෝමාලියාවේ කාර් බෝම්බයකින් 5ක් මරුට – 13කට තුවාල

සෝමාලියාවේ කාර් බෝම්බයකින් 5ක් මරුට – 13කට තුවාල

මධ්‍යම සෝමාලියාවේ කාර් බෝම්බ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 5 දෙනෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

හිරාන් කලාපයේ බුලෝබර්ඩ් දිස්ත්‍රික්කයේ කාර්යබහුල වෙළඳපොලක් අසල පුපුරණ ද්‍රව්‍ය සහිත මෝටර් රථයක් පුපුරුවා හැර ඇති බවයි එරට පොලිසිය පවසන්නේ

ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන අල්-ෂබාබ් නිරන්තරයෙන් සිවිල් සහ හමුදා ඉලක්ක කරන බවද විදෙස් මාධ්‍ය පවසනවා

සෝමාලියානු ජනාධිපති හසන් ෂෙයික් මොහොමඩ් විසින් අල්-ෂබාබ් සංවිධානයට එරෙහිව ප්‍රහාර දියත් කිරීමේ දෙවන අදියර පසුගියදා ආරම්භ කළ බවයි වාර්තා වන්නේ

ප්‍රාදේශීය ගෝත්‍රික සටන්කාමීන්, අප්‍රිකානු සංගමයේ හමුදා සහ එක්සත් ජනපද ගුවන් සහාය ඇතිව, නගර සහ ගම් කිහිපයක් අල්ලා ගැනීමට එරට හමුදාව සමත් වී තිබෙනවා

Share This