ප්‍රථම වරට සිය රටේ දිය මත අධිවේගී දුම්රිය ඇරඹූ චීනය

ප්‍රථම වරට සිය රටේ දිය මත අධිවේගී දුම්රිය ඇරඹූ චීනය

නවතම තාක්ෂණය භාවිතයෙන් ක්‍රියාත්මක වන චීන දුම්රිය සේවයට තවත් අංගයක් එකතු කර ගැනීමට චීනය සමත් වී තිබෙනවා.

ඒ ෆුජියන් පළාතේ පිහිටා ඇති Zhangzhou, Xiamen සහ Fuzhou, නගර සම්බන්ධ කරමින් ගිනිකොණදිග වෙරළ දිගේ ගොඩනැගූ කිලෝමීටර් 277 අධිවේගී දිය මත දුම්රිය මාර්ගයයි.

ප්‍රාන්ත දුම්රිය ක්‍රියාකරු වන චීන දුම්රිය සේවයට අනුව මෙම මාර්ගයේ දුම්රියවල උපරිම වේගය පැයට කිලෝමීටර් 350ක් වනවා.

මෙම මාර්ගයේ මංගල දුම්රිය ගමන ඊයේ(28) පැවැත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නව දුම්රිය මාර්ගයේ දැනට පාලම් 84 ක් සහ උමං මාර්ග 29 ක් සහ මුහුද හරහා ගමන් කරන කිලෝමීටර් 20 මාර්ගයක් ඇති අතර එය ජලය මතින් ගමන් කරන ප්‍රථම bullet දුම්රිය බවයි සඳහන් වන්නේ.

Share This