ස්පාඤ්ඤයේ රාත්‍රී සමාජශාලාවල ඇතිවූ ගින්නෙන් මියගිය ගණන ඉහළට (VIDEO)

ස්පාඤ්ඤයේ රාත්‍රී සමාජශාලාවල ඇතිවූ ගින්නෙන් මියගිය ගණන ඉහළට (VIDEO)

ගිනිකොනදිග ස්පාඤ්ඤයේ Murcia නගරයේ රාත්‍රී සමාජශාලා තුනක හටගත් ගින්නෙන් මියගිය ගණන ඉහළ ගොස් තිබෙනවා

ඒ අනුව මේ වන විට පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ලා ෆොන්ඩා ලෙස හඳුන්වන රාත්‍රී සමාජ ශාලාවේ ගින්න හටගෙන තිබුණේ ඊයේ (01) අලුයම් කාලයේදීයි

පසුව එය අසල්වැසි සමාජශාලා වෙත පැතිර ගොස් ඇති බව එරට පොලිසිය පවසනවා

මියගිය අය අතර උපන්දිනයක් සමරමින් සිටි පවුලේ සාමාජිකයින් ද සිටින බවයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ

මියගිය සියල්ලන්ම ලා ෆොන්ඩා රාත්‍රී සමාජ ශාලාවේ සිටි බව පොලිසිය තහවුරු කර ඇති නමුත් පුද්ගලයින් 14 දෙනෙකු තවමත් හඳුනාගෙන නොමැති බවද සඳහන්

ඒ අනුව මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවටයි පොලිසිය පවසන්නේ

ගිනි ගැනීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැති නමුත් Murcia හි නගරාධිපති ජෝස් බැලෙස්ටා මාධ්‍යවේදීන්ට පවසා තිබෙන්නේ ගින්න සමාජ ශාලාවේ පළමු මහලේ ඇති වූ බවයි.

Share This