ඊජිප්තුවේ පොලිස් සංකීර්ණයේ ඇති වූ ගින්නෙන් තුවාල ලැබූ පිරිස තවත් ඉහළට (VIDEO )

ඊජිප්තුවේ පොලිස් සංකීර්ණයේ ඇති වූ ගින්නෙන් තුවාල ලැබූ පිරිස තවත් ඉහළට (VIDEO )

ඊජිප්තුවේ පොලිස් සංකීර්ණයක ඇති වූ විශාල ගින්නෙන් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයන් 38 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ගිනි නිවන භටයින් ඉස්මයිලියා හි පිහිටි ගොඩනැගිල්ලේ ගින්න මැඩපවත්වා ඇති අතර ප්‍රාදේශීය රෝහල් සූදානමින් තබා තිබෙනවා

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රජය ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැති බවද සඳහන් .

ගින්න හේතුවෙන් ආරක්ෂක අධ්‍යක්ෂක කාර්යාලය පිහිටි මූලස්ථාන ගොඩනැගිල්ලේ කොටස් කඩා වැටී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඊජිප්තුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගිලන්රථ 50 ක් සහ හමුදා ගුවන් යානා දෙකක් ගිනි ගත් ගොඩනැගිල්ල පිහිටි ස්ථානයට යවා ඇති බව සඳහන්

අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු හුස්ම ගැනීමේ අපහසුතා සඳහා මෙන්ම දෙදෙනෙකු පිළිස්සුම් තුවාල සඳහා ප්‍රතිකාර ලබා තිබෙනවා

Share This