
ලෝක කුසලානයේ පුහුණු තරග දෙකක් ආරම්භ වෙයි
ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ පුහුණු තරග දෙකක් මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව බංග්ලාදේශය සහ එංගලන්තය අතර තරගය Guwahati හිදී පැවැත්වෙන අතර එහි කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට පන්දුවට පහරදෙමින් සිටිනවා.
ඔවුන් මීට ටික වෙලාවකට පෙර පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 96ක් ලබා සිටියා.
මේ අතර නවසීලන්තය සහ දකුණු අප්රිකාව අතර තරගය ද මේ වන විට ආරම්භ වී තිබෙනවා.
එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙන නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 24ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 146ක් ලබා සිටියා.
