කැනඩාවේ වනෝද්‍යානයකදී වලසෙකුගේ පහර දීමෙන් යුවළක් මරුට

කැනඩාවේ වනෝද්‍යානයකදී වලසෙකුගේ පහර දීමෙන් යුවළක් මරුට

කැනඩාවේ ඇල්බර්ටා ප්‍රදේශයේ බැන්ෆ් ජාතික වනෝද්‍යානයේදී (Grizzly bear) වලසෙකුගේ පහරදීමකින් යුවළක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එමෙන්ම වලසා විසින් එම යුවළගේ සුනඛයා ද මරා දමා ඇති බව සඳහන්.

වලස් ප්‍රහාර වාර්තා කිරීමට භාවිත කරන GPS සංඥා මගින් අනතුරු ඇඟවීමක් සිදු කිරීමෙන් අනතුරුවයි ඔවුන් මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

ග්‍රිස්ලි වලසුන් 691 ක් පමණ ඇල්බර්ටා හි ජීවත් වන බවට ඇස්තමේන්තු කර ඇති අතර ඉන් 65 ක් බැන්ෆ් ජාතික වනෝද්‍යානයේ ජීවත්වනවා.

වලස් ප්‍රහාරයන්ගෙන් සියයට 14ක් පමණක් මාරාන්තික බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This