එක්සත් ජනපදයේ උතුරු ඩැකෝටා හි ගුවන් අනතුරක් – ප්‍රාන්ත සෙනෙට් සභිකයෙකු සහ පවුලේ අය මරුට

එක්සත් ජනපදයේ උතුරු ඩැකෝටා හි ගුවන් අනතුරක් – ප්‍රාන්ත සෙනෙට් සභිකයෙකු සහ පවුලේ අය මරුට

බටහිර එක්සත් ජනපදයේ උතුරු ඩැකෝටා හි ප්‍රාන්ත සෙනෙට් සභිකයෙකු, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ බාල දරුවන් දෙදෙනා යූටා හි ගුවන් අනතුරකින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

සෙනෙට් සභික Doug Larsen සහ ඔහුගේ පවුලේ අය රැගත් යානය ඉන්ධන පිරවීම සඳහා නවතා තිබූ යූටා ප්‍රාන්තයේ Moabවලින් ගුවන්ගත වී ටික වේලාවකට පසු කඩා වැටි ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

අනතුරින් යානයේ නියමුවා ද මිය ගිය බව එරට පොලිසිය සඳහන් කරනවා

ගුවන් යානය කඩා වැටීම පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Share This