
තරුෂි සහ ගයන්තිකා මීටර් 800 අවසන් තරගයට
ආසියානු ක්රීඩා උළෙලේ මීටර් 800 කාන්තා අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තරුෂි කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න සමත් වී තිබෙනවා.
එම ඉසව්ව මිනිත්තු 2 තත්පර 5.48ක කාලයකින් අවසන් කළ තරුෂි කරුණාරත්න එහි දෙවෙනි ස්ථානය ලබා ගත්තා.
ගයන්තිකා අබේරත්න එම ඉසව්වටම සහභාගී වෙමින් මිනිත්තු 2 තත්පර 07.17කින් අවසන් කරමින් තෙවන ස්ථානය ලබා ගත් අතර ඒ අනුව ඔවුන් දෙදෙනාම මීටර් 800 කාන්තා අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
මේ අතර පිරිමි 400 x 4 සහය දිවීමේ ඉසව්ව මිනිත්තු 3 තත්පර 06.60ක කාලයකින් අවසන් කළ දිනුක දේශාන්, පබසර නිකූ , රජිත රාජකරුණා සහ පසිඳු කොඩිකාර යන ක්රීඩකයින්ගේ නියෝජත්වයෙන් යුත් ශ්රී ලංකා පිරිමි සහය දිවීමේ කණ්ඩායම එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සමත් වී තිබෙනවා.
