ශ්‍රී ලංකාවෙන් ඇෆ්ගනිස්ථානයට ලකුණු 295ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවෙන් ඇෆ්ගනිස්ථානයට ලකුණු 295ක ඉලක්කයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 46යි පන්දු 2ක් තුළ සියළු දෙනා දැවී ලකුණු 294ක් ලබා ගැනීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරාධනයෙනුයි ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන්නේ.

එහිදී අගනා පිති හරඹයක නිරත වූ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 158ක් ලබා ගත් අතර ඊට හතරේ පහර 19ක් සහ හයේ පහර 9ක් ඇතුලත්.

අනතුරුව කුසල් පිටියෙන් ඉවත් වීමට තීරණය කළා.

Share This