නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළීමෙන් 4ක් මරුට – 25ක් බේරා ගැනේ

නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළීමෙන් 4ක් මරුට – 25ක් බේරා ගැනේ

නයිජීරියාවේ වයඹ දිග කෙබී ප්‍රාන්තයේ නයිජර් ගඟේ මගී බෝට්ටුවක් පෙරළීමෙන් මුදාගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා

මේ වන විට සිරුරු හතරක් සොයාගෙන ඇති අතර පුද්ගලයින් 25 දෙනෙකු බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ

බෝට්ටුව පෙරළෙන විට එහි කොපමණ පිරිසක් සිටියාද යන්න නිශ්චිතව කිව නොහැකි නමුත් සමහර වාර්තාවල දැක්වෙන්නේ එහි මගීන් 50 දෙනෙකු පමණ ගමන් කරන්නට ඇති බවයි.

මේ වසරේ ජුනි මාසයේදී නිරිතදිග ක්වාරා ප්‍රාන්තයේ නයිජර් ගඟේ මගීන් 300 කට වැඩි පිරිසක් සමග බෝට්ටුවක් ගිලී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 106 දෙනෙකු ගිලී මිය ගිය බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කරනු ලැබුවා

Share This