නයිජීරියාවේ නීතිවිරෝධී තෙල් පිරිපහදුවක ඇතිවූ ගින්නකින් 18ක් මරුට

නයිජීරියාවේ නීතිවිරෝධී තෙල් පිරිපහදුවක ඇතිවූ ගින්නකින් 18ක් මරුට

නයිජීරියාවේ දකුණු ප්‍රදේශයේ නීති විරෝධී තෙල් පිරිපහදුවක ඇති වූ පිපිරීමක් නිසා ඇතිවූ ගින්නකින් පුද්ගලයින් රැසක් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම සිදුවීම රිවර්ස් ප්‍රාන්තයේ සිදුව ඇති බවයි පැවසෙන්නේ

නයිජීරියාවේ ආරක්ෂක සහ සිවිල් ආරක්ෂක බළකායේ (NSCDC) රාජ්‍ය අණදෙන නිලධාරි Basil Igwebueze පුද්ගලයන් 18 දෙනෙකු මිය ගොස් ඇති බවත් ඔවුන් හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බවත් 25 දෙනෙකු බේරා ගත් බවත් සඳහන් කරනවා

ඔහු මෙම සිදුවීම සම්බන්ධයෙන් තෙල් නල මාර්ග විනාශ කරන සහ නීති විරෝධී පිරිපහදු පවත්වාගෙන යන පුද්ගලයින්ට දොස් පවරා ඇති බවද සඳහන්

නීති විරෝධී ලෙස පිරිපහදු කිරීම කලාපය තුළ බහුලව සිදු වන අතර, ප්‍රදේශවාසීන් විකිණීම සඳහා නල මාර්ගවලින් තෙල් ලබාගන්නා බවයි වාර්තා වන්නේ

පසුගිය වසරේ ඉමෝ ප්‍රාන්තයේ නීතිවිරෝධී තෙල් පිරිපහදුවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 100කට අධික පිරිසක් මිය ගිය බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This