ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනූ තරුෂි

ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනූ තරුෂි

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම හිමි කරගැනීමට තරුෂි කරුණාරත්න සමත්ව තිබෙනවා.

ඒ, එම ඉසව්ව විනාඩි 2යි තත්පර 3.20ක කාලයකින් අවසන් කරමින්.

සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශාගෙන් පසු මලල ක්‍රීඩා තරගයක දී මීටර 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් රැගෙන දීමට තරුෂි සමත් වූයේ සුවිශේෂී ලෙස ඉතිහාසය ද අලුත් කරමින්.

ඒ අනුව වසර 21කට පසුවයි මෙලෙස යළි ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනාගන්නේ.

Share This