සජීවී වැඩසටහනකදී යුක්‍රේන ආක්‍රමණයට විරෝධය ප්‍රකාශ කළ මාධ්‍යවේදිනියට සිර දඩුවම් නියම කරයි

සජීවී වැඩසටහනකදී යුක්‍රේන ආක්‍රමණයට විරෝධය ප්‍රකාශ කළ මාධ්‍යවේදිනියට සිර දඩුවම් නියම කරයි

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව සජීවීව විරෝධය ප්‍රකාශ කළ මාධ්‍යවේදිනී Marina Ovsyannikova හට මොස්කව් අධිකරණය විසින් වසර 8 මාස 05ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

එමෙන්ම අන්තර්ජාලය ඇතුළු විද්‍යුත් මාධ්‍ය සම්බන්ධ කිසිදු ක්‍රියාකාරකමක නිරතවීම ඇයට වසර හතරක කාලයක් තහනම් කර ඇති බවද සඳහන්.

45 හැවිරිදි ඇය රුසියානු සන්නද්ධ හමුදාවන් පිළිබඳව අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් වරදකරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රුසියාව 2022 පෙබරවාරි මාසයේදී යුක්‍රේනය වෙත සිය පූර්ණ පරිමාණ ආක්‍රමණය දියත් කළා.

එහෙත් රුසියාවේ නීති සම්පාදන අංශය විසින් යුද්ධය “ආක්‍රමණයක්” ලෙස හැඳින්වීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කර තිබෙනවා.

එය “විශේෂ හමුදා මෙහෙයුමක්” ලෙස විස්තර කරන ලෙස ප්‍රවෘත්ති සංවිධානවලට උපදෙස් ලබාදී ඇත්තේ.

රටේ හමුදාව අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රුසියානු ජාතිකයන් සිය ගණනක් සිරගත කර හෝ දඩ නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This