එක්සත් ජනපද සෞඛ්‍ය සේවකයින් 75,000කට වැඩි පිරිසක් වැඩ වර්ජනයක

එක්සත් ජනපද සෞඛ්‍ය සේවකයින් 75,000කට වැඩි පිරිසක් වැඩ වර්ජනයක

සෞඛ්‍ය සේවා සපයන්නෙකු වන Kaiser Permanente හි වෘත්තීය සමිති සේවකයින් 75,000කට වැඩි පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා

එක්සත් ජනපද ඉතිහාසයේ සෞඛ්‍ය සේවකයින්ගේ විශාලතම වැඩවර්ජනය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

වැටුප් වැඩිකිරීම ,සේවක හිඟය පියවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වැඩ වර්ජනය සඳහා එක්සත් ජනපද ප්‍රාන්ත පහේ සහ වොෂින්ටන් හි හෙදියන්, ඖෂධවේදීන් සහ රසායනාගාර කාර්මික ශිල්පීන් එක්ව සිටිනවා

වෘත්තීය සමිති සහ Kaiser Permanente අතර කොන්ත්‍රාත් සාකච්ඡා ඇණහිටීමෙන් පසුව සිදු කෙරෙන දින තුනක වර්ජනයෙන් මිලියන 13කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් පීඩාවට පත් විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

වර්ජනය පවතින දිනවල රෝහල් සහ හදිසි පහසුකම් විවෘතව පවතිනු ඇති බවද සඳහන්

වෘත්තීය සමිති අටක් සහ Kaiser Permanente සමාගම අතර කලින් පැවති කම්කරු ගිවිසුම සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වී තිබෙනවා

වැඩවර්ජනයේ විශාලතම බලපෑම කැලිෆෝනියා, ඔරිගන්, කොලරාඩෝ සහ වොෂින්ටන් ප්‍රාන්තවලට දැනෙනු ඇති අතර එහිදී සිය ගණනක් වෛද්‍ය සහායක කාර්ය මණ්ඩලය දින තුනක් වැඩ වර්ජනය කරනු ඇති

Share This