නොබෙල් සාම ත්‍යාගය නාර්ගේස් මොහොමඩිට

නොබෙල් සාම ත්‍යාගය නාර්ගේස් මොහොමඩිට

ඉරානයේ කාන්තා හිංසනයට එරෙහි අරගලය සහ මානව හිමිකම් මෙන්ම සැමට නිදහස ප්‍රවර්ධනය කිරීම සඳහා සටන් කළ නාර්ගේස් මොහොමඩි (Narges Mohammadi) හට 2023 නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට නෝවේජියානු නොබෙල් කමිටුව තීරණය කර තිබෙනවා

නොබෙල් සාම ත්‍යාගය දිනාගත් 19 වැනි කාන්තාව බවට ඇය පත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ

නාර්ගේස් මොහොමඩි 13 වතාවක් අත් අඩංගුවට ගෙන ඇති අතර, පස් වතාවක් වැරදිකරු වී තිබෙනවා

එමෙන්ම වසර 31 ක සිරදඬුවමක් සහ කස පහර 154 ක් නියම කර ඇති බව ද නොබෙල් ත්‍යාග වෙබ් අඩවිය සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This