මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් සංක්‍රමණිකයින් 18 ක් මරුට

මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් සංක්‍රමණිකයින් 18 ක් මරුට

දකුණු මෙක්සිකෝවේ සංක්‍රමණිකයින් රැගත් බස් රථයක් පෙරළී යාමෙන් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ Oaxaca සහ අසල්වැසි Puebla ප්‍රාන්තය යා කරන අධිවේගී මාර්ගයකදී සිදු වූ මෙම අනතුරින් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවයි

එමෙන්ම බස් රථයේ වෙනිසියුලාවේ සහ හයිටියේ සිට පැමිණි පිරිසක් සිට ඇති බව සඳහන්.

සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයට අනුව, 2014 සිට අමෙරිකාවට යාමට ගිය සංක්‍රමණිකයන් 8,200 කට වැඩි පිරිසක් මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මෙක්සිකෝව හරහා එක්සත් ජනපදයට ළඟා වීමට උත්සාහ කරමින් සිටි අය බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This