Koinu සුළි කුණාටුව නිසා චීනයට රතු එළි

Koinu සුළි කුණාටුව නිසා චීනයට රතු එළි

Koinu සුළි කුණාටුව චීනයේ දකුණු පළාතේ Guangdong සහ Hainan දූපත් වෙත ළඟා වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ සුළි කුණාටුව නිසා තද වැසි, තද සුළං සහ මුහුද දරුණු විය හැකි බවයි චීන රජය ජනතාවට අනතුරු අඟවා ඇත්තේ.

හෙට(08) ඉරිදා කුණාටුවේ බලපෑම යටතේ දකුණු චීන මුහුදේ මීටර් නවයක් දක්වා දරුණු රළ තරංග අපේක්ෂා කරන බව රාජ්‍ය සාගර පරිපාලනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එය සඳුදා වනවිට ප්‍රබල නිවර්තන කුණාටුවක් දක්වා වර්ධනය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම Koinu සුළි කුණාටුව නිසා තායිවානයටද මේ වනවිට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර එක් පුද්ගලයෙකු මියගොස් 400 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන්.

Share This