පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක් හිමි වුණා.

ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 102කින් ජය වාර්තා කිරීමත් සමගයි.

දෙරට අතර අද(07) පැවතියේ ලෝක කුසලානයේ 04වන තරගය වන අතර එහි කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 428ක් වාර්තා කළා.

ඔවුන් එම ලකණු රැස් කළේ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී සිටියදී වීම විශේෂත්වයක්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජය ගැනීමට නම් ලකුණු 429ක ඉලක්කයක් හිමි වූ අතර පන්දු වාර 44යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 326ක් පමණයි.

ලෝක කුසලානයේ 04වන තරගයේ ජය ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායමට හිමි වුණා.

Share This