ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක් – 120කට අධික පිරිසක් මරුට

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක් – 120කට අධික පිරිසක් මරුට

ඇෆ්ගනිස්ථානයේ – බටහිර ප්‍රදේශයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 120කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

ඊට අමතරව තවත් පුද්ගලයන් 1,000ක් පමණ තුවාල ලබා ඇති බව ද සඳහන්.

මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය magnitude ඒකක 6.3ක් ලෙස සටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එසේම මේ වනවිටත් ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර මියගිය පිරිස සහ තුවාල ලැබූවන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

Share This