ඊශ්‍රායල සිවිල් වැසියන් සහ සොල්දාදුවන් 100 දෙනෙකු හමාස් කණ්ඩායම ප්‍රාණ ඇපයට ගනියි

ඊශ්‍රායල සිවිල් වැසියන් සහ සොල්දාදුවන් 100 දෙනෙකු හමාස් කණ්ඩායම ප්‍රාණ ඇපයට ගනියි

හමාස් කණ්ඩායම විසින් එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයේදී අවම වශයෙන් ඊශ්‍රායල සිවිල් වැසියන් සහ සොල්දාදුවන් 100 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එක්සත් ජනපදයේ ඊශ්‍රායල තානාපති කාර්යාලය ද ට්විටර් හි සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණා

ත්‍රස්ත ප්‍රහාරයෙන් ඊශ්‍රායල ජාතිකයින් 300කට අධික පිරිසක් ඝාතනය කර ඇති අතර හමාස් කණ්ඩායම විසින් රොකට් 5000කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බව සඳහන්

පැහැරගැනීම් සහ ප්‍රාණ ඇපකරුවන්ගෙන් මෙලෙස රඳවා ගෙන ඇත්තේ ත්‍රස්ත ප්‍රහාරයේ පළමු පැයේදී බවයි වාර්තා වන්නේ

එමෙන්ම හමාස් කණ්ඩායම ඊශ්‍රායලයට ඇතුළු වීම සඳහා දේශසීමා වැටවල් කඩා දැමීමට බලගතු පැරග්ලයිඩර් (paragliders) සහ බුල්ඩෝසර් (bulldozers) විශාල ප්‍රමාණයක් භාවිත කර තිබුණා

කෙසේ වෙතත් ගාසා බලධාරීන් පැවසුවේ වෙරළබඩ ප්‍රදේශයට දැඩි ලෙස ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පලස්තීනයේ 256 දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර 1,788 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි.

Share This