සැන් ෆ්රැන්සිස්කෝ හි චීන කොන්සල් කාර්යාලයට මෝටර් රථයක් කඩා වැදෙයි – රියදුරුට පොලිසිය වෙඩි තබයි (VIDEO )

සැන් ෆ්රැන්සිස්කෝ හි චීන කොන්සල් කාර්යාලයට මෝටර් රථයක් කඩා වැදෙයි – රියදුරුට පොලිසිය වෙඩි තබයි (VIDEO )

සැන් ෆ්රැන්සිස්කෝ හි චීන කොන්සල් කාර්යාලයට මෝටර් රථයක් කඩා වැදීමෙන් පසු එහි රියදුරාට එක්සත් ජනපද පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා .

කොන්සල් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ, සැකකරු කොන්සල් කාර්යාලයේ පරිපාලන ශාලාවට ප්‍රචණ්ඩකාරී ලෙස රිය පැදවූ බවයි

එමෙන්ම කාර්ය මණ්ඩලයේ සහ එහි සිටි පුද්ගලයින්ගේ ජීවිතවලට බරපතල තර්ජනයක්ද එල්ල කරමින් බරපතල හානි සිදු කර ඇති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසනවා

සැන් ෆ්‍රැන්සිස්කෝ පොලිස් දෙපාර්තමේන්තුවේ සැරයන් කැත්‍රින් වින්ටර්ස් පැවසුවේ වාහනය වීසා කාර්යාලයට කඩා වැටී ඇති බවට දැනුම් දීමෙන් පසුව නිලධාරීන් ඒ සඳහා හැකි ඉක්මනින් ප්‍රතිචාර දැක්වූ බවයි.

නිලධාරීන්, පරිපූරක වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් සැකකරුගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළ නමුත් ටික වේලාවකට පසු එම පුද්ගලයා රෝහලේදී මියගොස් ඇති බවයි පොලිස් දෙපාර්තමේන්තුවේ සැරයන් කැත්‍රින් වින්ටර්ස් ප්‍රකාශ කර තිබෙන්නේ

සැකකරුගේ අනන්‍යතාවය පිළිබඳව පොලිසියට කිසිදු තොරතුරක් ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු පවසා තිබෙනවා

කොන්සල් කාර්යාලය එක්සත් ජනපද පාර්ශ්වයට බැරෑරුම් ලෙස කරුණු ඉදිරිපත් කර ඇති අතර, සත්‍යය පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සහ නීතියට අනුකූලව බරපතල දඬුවමක් ඉල්ලා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පොලිසිය පැවසුවත් වැඩිදුර තොරතුරු අනාවරණය කර නැහැ

Share This