බංග්ලාදේශයට ලකුණු 365ක ඉලක්කයක්

බංග්ලාදේශයට ලකුණු 365ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගයේ බංග්ලාදේශයට එරෙහිව පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 364ක් ලබා ගැනීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙනුයි එංගලන්තය පළමුව පන්දුවට පහරදුන්නේ.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Dawid Malan පන්දු 107කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 16ක් සමග ලකුණු 140ක් රැස් කිරීමට සමත් වුණා.

ඔහුට අගනා සහයක් දුන් Joe Root පන්දු 68කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 82ක් රැස්කළා.

පන්දු යැවීමේදී Mahedi Hasan ලකුණු 71කට කඩුලු 4ක් දවාගත්තා.

Shoriful Islam කඩුලු 3යි.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිව ඇති ඉලක්කය ලකුණු 365ක්.

Share This