මාලි රාජ්‍යයේ ප්‍රධානියා සහ රුසියානු ජනපති අතර සාකච්ඡා

මාලි රාජ්‍යයේ ප්‍රධානියා සහ රුසියානු ජනපති අතර සාකච්ඡා

මාලි හි අන්තර්වාර ජනාධිපති සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර දුරකථන මාර්ගයෙන් ආර්ථික සහ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙය රුසියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තහවුරු කර ඇති අතර වෙළඳ හා ආර්ථික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම, ආරක්ෂාව සැපයීමේ සහයෝගීතාවය සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ඔවුන්ගේ අන්‍යෝන්‍ය කැපවීම යළි තහවුරු කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

මාස කිහිපයක් ඇතුළත නායකයන් දෙපළ අතර පැවැත්වෙන තුන්වැනි දුරකථන සංවාදය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This