මකුණු වසංගතේ අප්‍රිකානු රටවලටත්

මකුණු වසංගතේ අප්‍රිකානු රටවලටත්

මකුණු උවදුරෙන් ප්‍රංශය පිඩාවට පත්ව ඇති බැවින් මොරොක්කෝව සහ ඇල්ජීරියාවත් මකුණන් ආසාදනය වීමේ අවදානම සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

මොරොක්කෝ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මකුණන් පැතිරීමේ අවදානම සීමා කිරීමට සුදුසු සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි මොරොක්කෝ මාධ්‍ය දැනුම් දෙන්නේ.

අමාත්‍යාංශය මගින් මකුණන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල සෞඛ්‍ය හා පාරිසරික තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම අමාත්‍යංශය මගින් පුරවැසියන් සඳහා ජාත්‍යන්තර සංචාර සම්බන්ධ නිර්දේශ මාලාවක්ද ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම ඇල්ජීරියානු සෞඛ්‍ය අමාත්‍යාංශයද සිය දේශසීමාවල සෞඛ්‍ය රෙගුලාසි සහ අධීක්ෂණ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ගුවන් යානා, නැව් සහ ගොඩබිම් ප්‍රවාහන මාධ්‍යයන් විෂබීජහරණය කිරීම මෙන්ම සෞඛ්‍ය අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වියයුතු බව ඇල්ජිරියානු රජය නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රංශ රජයේ නිලධාරීන් පසුගිය දින කිහිපය තුළ පැරිසියම ව්‍යාකූල කළ මකුණු උවදුර සම්බන්ධයෙන් සන්සුන් වන ලෙස මහජනතාවට දැනුම් දී ඇති අතර එය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

Share This