ඉන්දීය කණ්ඩායමට කඩුලු 7 ක ජයක්

ඉන්දීය කණ්ඩායමට කඩුලු 7 ක ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවති තරගයේ ජය හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ කඩුලු 7 කින්

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පාකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 05ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 191 ලබා ගත්තා.

අනතුරුව ලකුණු 192ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 30 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 3ක් දැවී එම ඉලක්කය පසු කළා

තරගයේ ලකුණු සටහන පහතින්

Share This